ඔබේ වාසස්ථාන පිරිසිදුව තබා ගන්න
පසුගිය සති කිහිපය තුළ පැවති අධික වර්ෂාවෙන් පසු ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය තදින් පැතිරෙමින් පවතින බවත්, ඊයේ (16) දිනයේ පමණක් අලුතින් ඩෙංගු රෝගීන් 700 ක් පමණ වාර්තා වූ බවත්, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 41925 දෙනකු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළා ය.
එම කාලය තුළ ඩෙංගු මරණ 24 ක් වාර්තා වී ඇති අතර ඉන් 4 දෙනකු දරුවන් බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.
දැනට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් 51% ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයා ගෙන ඇත. එම සංඛ්‍යාව 21451 කි.
පසුගිය වසරට වඩා මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 11000 ක පමණ වර්ධනයක් පෙනෙන්නට තිබෙන බව ද සමරවීර මහත්මිය කීවා ය.

