Google Play Store හා Apple App Store නොමිලේ බාගත කර ගන්න
විදේශගතව සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ට ඉක්මනින් හා පහසුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටලු යොමු කිරීම සඳහා නව ජංගම දුරකථන යොදවුමක් හඳුන්වා දී තිබේ.
ලංකා කොනෙක්ට් (Lanka Konect) නම් වූ මෙම යෙදවුම සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂා ත්‍රිත්වයෙන් ම භාවිතා කළ හැකිය.
එසේම අධ්‍යාපනය හා පදිංචිය සඳහා විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයින්ට ද මෙම යෙදවුම ඔස්සේඍජුව ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය වෙත සිය පැමිනිලි ලිඛිතව මෙන් ම හඬපට හා වීඩීයෝ දර්ශන මඟින් ද ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙන බව විදේශසේවා නියුක්තික කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ දී මෙන් ම ලෝකයේ ඕනෑම රටක දී මෙම යෙදවුම එක ලෙසට භාවිතා කිරීමේ හැකියාව පවතින අතර තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලේ වර්තමාන තත්වය ද මෙම යෙදවුම හරහා ඉතා පහසුවෙන් පරීක්ෂා කිරිමට ද අවස්ථාව ලබා දී ඇති බව ද එම කාර්යාංශය කියයි.
ලංකා කොනෙක්ට් නම් වූ මෙම යෙදවුම Google Play Store හා Apple App Store මාර්ගවලින් නොමිලේ බාගත කරගත හැකි බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩි දුරටත් දක්වයි.

