උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

ලලිත් රෝහණ ලියනගේ ගේ “තරු යතුර” කෘතිය දොරට වැඩිය වගයි ෴

රෝහණගේ දැනුම, අත්දැකීම් සම්භාරය වගේම නිර්මාණශීලීත්වය ''තරු යතුර කාව්ය සංග්රහයෙන් මෙලෙස රටට ඉදිරිපත් කිරීම ගැන සතුටු යි. - අගමැති දිනේෂ්

මෑත කාලයේ වැඩිම පාඨක සහභාගීත්වයකින් පොතක් ජනගත වෙනවා දැකීමත් සතුටක් ...

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත තරු යතුරකෘතිය දොරට වැඩීම නිමිත්තෙන් පසුගියදා (2024.02.29) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති, උත්සවයට එක්වෙමිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

කවිය පෝසත් කෙරෙන නිර්මාණක් වෙනුවෙන් වර්තමානයේ මේ තරම් පාඨක සහභාගීත්වයක් එක්වීම සතුටක්. ජාතියට පණ දිය හැකි, ජාතිය ජීවත්  කළ හැකි, අපේ අනන්‍යතාවය තහවුරු කෙරෙන උසස් මිනිස් ගුණාංගයන්ගෙන් පිරුණු, අපේ උරුමය කියාපාන්නයි ඔබ අද එක්ව සිටින්නේ. මෙවැනි දෑ තුළින් ඉතිහාසය යළි යළිත් සිහිපත් කරන්නට හැකියි.  ලොව මවිත කළ හැකිවිවිධ නිර්මාණශීලීන් අප අතර සිටිනවා. අපේ භාෂාවත් එවැන්නක්. එය උතුම් භාෂාවක් ලෙස පෝෂණය කොට, වඩාත් රසවත් කරන්නට වගේම අඛණ්ඩව පවත්වාගෙන යන්න රට වැසියන්ට හැකි වුනා. සිංහල භාෂාව කියන්නේ නොනැවතී ගලන ගංගාවක් සේ නොනැසී පවතින ආකර්ෂණීය භාෂාවක්.

එදා අපේ නිර්මාණකරුවන්ට රේඩියෝ, ටෙලිවිෂන් තිබුණේ නැහැ.  ගැමියෝ අස්වැන්න නෙලීමෙන් පසුව සියලු වතාවත් ඉටු කරලා  වන්දනාවේ ගියා. ඒ අවස්ථාවල ඔවුන් ජන ගී ඇතුළු නිර්මාණ රසවින්දා.  ශතවර්ශ ගණනාවක් රටවැසියන් අපේ නිර්මාණ පෝෂණය කළේ එලෙසයි. කලා වැව, සීගිරිය, යෝද ඇළේ විස්මිත වාරි කර්මාන්තය ආදී දයාදයන් ගැන වූ විස්මිතය අදත් ගෞරවයෙන් සිහිකළ හැකි නිර්මාණ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන විත් අද ලිඛිත ඉතිහාසයක් ලෙස මතු පරපුරට දායාද වී තිබෙනවා.

රෝහණගේ දැනුම, අත්දැකීම් සම්භාරය වගේම නිර්මාණශීලීත්වය මෙලෙස රටට ඉදිරිපත් කිරීම ගැන සතුටු යි. තරු යතුරකවි ගැන හිතනකොට අපට සිහිපත් වෙන්නේ එදා අපේ කවියන් කවියෙන් අවදි කළ මහා නිදහස් සටන. අපේ කවියන් අවදි කළ මහා භාෂා සටන. භාෂාවක් පවතින්නේ සංඛ්‍යා ලේඛනවලින් නෙවෙයි. සිංහල භාෂාව පැවතුනේ අපේ මුතුන් මිත්තන් ඉටුකළ අඛණ්ඩ ජාතික වගකීම් තුළින්. ඒ මහා ජාතික වගකීමට මහා සඟරුවන නායකත්වය දුන්නා.

තරු යතුරපිළිබඳ විද්වත් අදහස් දැක්වීම සඳහා වේදිකාවක් නිර්මාණය කර තිබූ අතර මහාචාර්ය පාතේගම ඤානීස්සර හිමි, මහාචාර්ය කමල් වලේබොඩ, මහාචාර්ය ගාමිණී රණසිංහ, සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා, හෙළ හවුලේ නායක ශ්‍රීනාත් ගනේවත්ත, අතිරේක ලේකම් අනූෂා ගෝකුළචීන පීනින්ස් මාධ්‍ය සමූහයේ එමී යංග්, ගත් කතුවර කේ. එම්. අයි. ස්වර්ණසිංහ, කතිකාචාර්ය මනීෂ දුක්ගන්නාරාල, යන විද්වතුන්  එහිදී කෙටි අදහස් දැක්වීය.

අවුකන රජමහා විහාරාධිපති ඇතුළු මහා සංඝරත්නයපාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු දේශපාලන අධිකාරිය, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් හා විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.