ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය යි 2026-09-220 අද උදේ පාර්ලිමේන්තුවේ දී කතානායක ශ්‍රේෂ්ඨාධිකරණ මතය කියයි දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දය පමණක් නොව ජනමත විචාරණයකින් ද අනුමතිය ලබා ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. ඒ අද උදේ පාර්ලිමේන්තුව ඇරඹීමෙන් අනතුරුව යි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය සභාවට ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4(ඇ) ව්‍යවස්ථාවට පටහැනි නිසා, එය නීතියක් බවට පත්වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු ය.. එමෙන් ම පනත් කෙටුම්පතේ 6(7) සහ 7 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) යන ව්‍යවස්ථාවන්ට අනනුකූල වන හෙයින්, ඒවා සම්මත කර ගැනීමට ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය බව සඳහන් ය. ඒ් උදෙසා අදාළ වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශයන්ට අනුකූලව, ඉවත් කර ගැනීමට හෝ සංශෝධනය කිරීමට හෝ පියවර ගත යුතු වේ. මේ අතර, පනත් කෙටුම්පතේ 3, 4, 6(4), 6(5) සහ 11(1) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන්නේ යැයි ද,, ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. එමෙන්ම, 11(2) වගන්තිය කාරක සභා අවස්ථාවේදී යෝජිත සංශෝධන සහිතව සම්මත කරන්නේ නම් එය ද සරල බහුතරයකින් සම්මත කරගත හැකි යැයි අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සම්පූර්ණ තීරණය කථානායකවරයාගේ නියෝගය මත පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට පියවර ගැනිණි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 22 සම්මත කරන්න ජනමත විචාරණ අනවශ්‍ය යි.. 2/3 ප්‍රමාණවත් – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලමේන්තුවට දැනුම් දුන් වගයි. Next Article පාස්කු ප්‍රහාරයේ චූදිතයින් 24 න් 15 ක් වැරදිකරුවන් කෙරේ.