ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

22 සම්මත කරන්න ජනමත විචාරණ අනවශ්‍ය යි.. 2/3 ප්‍රමාණවත් – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක පාර්ලමේන්තුවට දැනුම් දුන් වගයි.

අධිකරණ ‌ෙස්වා සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැතහැ

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද (22) නිවේදනය කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් ප්‍රමුඛ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ප්‍රමුඛ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් මෙම පනත් කෙටුම්පත සම්මත කරලිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයාට දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීමේ අරමුණින් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ හා ජාතික ඒකාබද්ධ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු ඇතැම් වගන්තිවල වචන සංශෝධනය විය යුතු ආකාරය ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය ඔස්සේ පෙන්වා දී ඇති බවත්,, පනත බලාත්මක වන දිනට අගවිනිසුරු ධුරය හොබවන තැනැත්තාට, අදාළ වන පරිදි පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ද කරුණු දක්වා ත්බේ.
එමෙන් ම මීට සමගාමීව ඉදිරිපත් කරන ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන්නේ යැයි ද, පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි යැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය..