ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනතාක්ෂණයදේශපාලන ලෝක ශූර රුමේෂ් ගේ හෙල්ලය කැඩුණේ කොහොම දැ යි පරීක්ෂණයක් 2026-09-160 මෙහෙම හෙල්ලය කැඩී විනාශ වීම ප්‍රශ්න සහගත බව ක්‍රීඩා විචාරකයින් ගේ මතය යි.. ලෝක ශූරයත් ඔලිම්පික් ශූරයත් පරාජයට පත් කළ ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයා වන රුමේෂ් තරංග පසුගිය අඟහරුවාදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණෙද්දී ඔහු තරගය සඳහා භාවිතා කළ හෙල්ල පහ ම ගුවන්යානාය තුළ දී හෝ ගුවන්යානයෙන් පිටතට ගැනීමේ දී හෝ කැඩී විනාශ වී තිබීම ප්‍රශ්න සහගත බව ක්‍රීඩා විචාරකයින් ගේ මතය යි.. මේ සම්බන්ධයෙන් ඔහු පැමිණි යානය තුර්කි ගුවන් සේවයෙන් වන්දි ලබා ගැනීමට හා ඉදිරි නීතිමය සහ රාජ්‍යතන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අවධානය යොමු වී ඇතැ යි ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.. මේ අතර ලෝකශූර රුමේෂ් තරංග ගේ හානියට පත් හෙල්ලය වෙනුවට අලුත් හෙල්ල කට්ටලයක් රජයේ වියදමින් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ද ඇමතිවරයා මාධ්‍යයට වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ද පරීක්ෂණයක් අරඹා තිබේ. තමන් වෙනදා කටුනායක තොටුපොළ වෙත එන්නේ සතුටින් වුවත් මෙවර ගුවන් තොටුපළින් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බවත් රුමේෂ් තරංග ගුවන් තොටුපොළේ දී වේදනාවෙන් කීවේ ය.. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 22 පිළිබඳ අධිකරණ මතය කතානායක 22 දා පාර්ලිමේන්තුවට කියනවා Next Article පරිවාසෙට ගිය ආදරය