පුළුවන්ද....

ළඟට ආවොත් එකම දවසක
රහට ඔය පපුව සිඹින්න
ඇස් වහනවා සත්තයි මම
හීනෙනුත් නුඹව විදින්න
අයිතියක් නැති බව දැනුනත්
සංසාරෙම ළඟම ඉන්න
බැරිම නෑ නේද රංකඳ
සුවඳ දිගේ නුඹ ළඟට එන්න
හෙටත් ඉර ඇහැරෙයි
එපා මගේ ලොවට එබෙන්න
අඳුර පුරුදුයි හැම රෑකම
සේපාලිකා ඇති පිනි ඉහින්න
ඉඩක් නැතිබව දැනුණත් මට
නුඹේ යහනේ නිදන්න
හැම රෑකම ඉඩ තියෙනවා
මගේ යහන නුඹට වඩින්න
ලියා ගන්නට බැරිම වුණත්
නුඹත් එක්කලා ප්රේමයේ වත්කම
තවත් තියෙනවා සංසාරේ
ආත්මයන් ගොඩක් ඉතිරිව
හිස් තැන් තිබුණත් ඉතිරිව
ආදරේ මහ ගොඩක් එක්කම
හීනෙන් එළියට ඇවිදින්
මං ආදරෙයි කියනවද ඇත්තට
ඉෂංකා මිහිරි ✍️
----------------- ----------------

හිත අද්දර
මඳ අඳුරේ රෑ අහසේ දිදුලන රන් තරු කැටයක
රළ පතරේ හෝ හඬ මැද මතුවෙන සුදු පෙන පිඩුවක
විහගුන්ගේ ගී නාදෙන් මත්ව නටන බඹර කැලක
සැඟව තිබූ සොඳුරු සිහින පැටලී ඇත මායාවක
යුක්තිය සදාචාරය හිත සුව විඳින
සාමය සමාදානය සැමටම පතන
ලොව්තුරු දහම අදහා සිත සනසවන
මිනිසුන් සිටින ලොව කොතැනද කියනු මැන
හිත අද්දර සුමුදු කතා මවලා හිත තිගැස්සූ
සුලමුල නොසොයා නොබලා බස් දොඩවන ළපස්සු
වහසි බස් දොඩා ලෝදන රවටනවලු දහස්සු
කල දුටු කල ඉහ ගෙන කන අරුම පුදුම මිනිස්සු
පුන්සඳ පානේ දුර ඈතට වී දිලෙන
මින්දද ඔබයි පොඩි තරුවක් වගේ පෙනෙන
රන්දද නංවලා දවසක ලොව දිනන
සකි සඳ ඔබම පමණයි සසරේ පතන
- ඇන්ජලා පැල්පොළ -
---------------------
වලාවක් වී
අනූෂා ගමඇතිගේ
වලාවක් වී මා
අයාලේ යයි පාවි පාවී ඈතට
අහස මට බොහෝ ඈත ය
ඉර හඳ ද තරු මන්දාකිණි ඇති
ඈත දුර අහස් ගව්වක සිට
විටින් විට ඇසෙයි මට
ඔබේ සුපුරුදු කටහඬ
අඳුරට මිතුරු වී නිශ්චලව හිඳින
අර කඳු වළල්ලෙන් ඈත
අනන්තයට මා රැගෙන යාමට
සුළඟ එනු මැන
කුණාටුවක් ලෙස නොව
හීන් සුළං රැලක් ලෙස
--------- -------------
අවසරයි

නාභිය මැද..
පුංචි තිලකය..
සොයන් අවසර..
ගැහෙන පණ නල..
දිගටි දෙනුවන්..
අසන නුඹ සද..
බලා ඉන්නට..
අවසරයි මට..
වරක් නොව සද..
අදරු වලාවෙන්..
කෙසෙල් කදවන්..
කලවේ ඉඟ සුඟ
මුදා හැර මා
පමා වි හෝ
රකිමි නුඹගේ
තිසරු රන්වත
තෙලි තුඩින් මා
පියවි සිහියට
මුදා හැර දිගු
වරලේ කුංකුම
ගිනියමින් මා
යදින ප්රේමය..
දැසේ කඳුළැල්..
රිදෙන අලුයම..
- ශ්යාමලී ගමගේ


