උණුසුම් පුවත්

පොලිස් පොතෙන්

බූස්ස හිර ගෙදර ඉන්න රැවුල් කුමාරගේ ඉණේ ජංගම දුරකතනයක් සිම්පතක් හා චාජරයක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩබ්.ඒ.ඒ.පී. සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බුස්ස කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.එස්.පි. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.24 වන දින දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය ඒ කොටසේ දී හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.

එහි දී සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රැවුල් කුමාර යන රැඳවියා රඳවා සිටින සිර මැදිරිය හා එම රැඳවියා සෝදිසි කර ඇති අතර එහිදී රැඳවියාගේ ඉනෙහි සඟවා ගෙන තිබූ සිම්පතක්  ජංගම දුරකථනයක්, චාජර් හා අමතර බැටරියක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් භාරයේ ඇත.

මෙරට නිශ්පාදිත ගිනි අවි තුනක් තලාතුඔයෙන්

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සී.ඒ.එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය මහනුවර කඳවුරේ උප පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ.යු. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.24 වන දින තලාතුඔය පොලිස් වසමේ අංක 97/ඒ, ගොමදිවෙල, දුල්මුරේ, තලාතුඔය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගිනි අවි 03 ක් සන්තකයේ තබාගනිමින්  යමි අපරාදයක් සදහා කැසකැවුනු තලාතුඔය, දුල්මුරේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 58 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තලාතුඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත

හොර සිගරැට් තොගයක් අල්ල ගනී

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ අධීක්ෂණයෙන් නෙල්ලිඅඩි කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.එම්.එස්. දුෂාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.24 වන දින පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි දකුණ, 7 to 11 නැමති වෙලදසැල තුල දී වැටලීමක් සිදුකර ඇත.