උණුසුම් පුවත්

රාජතීය ඈන් කුමරිය ජනපති හමුවෙයි

anne

තෙදින නිල සංචාරයක් සඳහා මෙහි පැමිණි එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය    සහ ඇගේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොතිලෝරන්ස් මහතා ජනාධිපති මන්දිරයේ දී ඊයේ (10) ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

ඈන් කුමරිය ප්‍රමුඛ රාජකීය දූත පිරිස විදේස් කටයුතු පිළිබඳ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. අනතුරුව ඇය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා ජනපතිවරයා සමඟ සුහද පිළිසඳරක යෙදුණා ය.

එක්සත් රාජධානියේ රාජකීය කුමරිය විශේෂ අමුත්තන් ගේ සමරු පොතෙහි සටහනක් ද තැබුවා යත

මේ අවස්ථාවට හ්ටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, දෞඛ්‍ය රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජෙවර්ධන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ද එක්වූහ.

මේ එම අවස්ථාවේ කැමරා සටහන් කීපයෙකි.