උණුසුම් පුවත්කාලීනසෞඛ්‍යය

බදුල්ල රෝහලේ වෛද්‍යවරයකු ගේ මළ සිරුර පොලිසියෙන් සොයා ගනී

මහියංගනය පොලිසියෙන් වැඩි දුර පරීක්ෂණ !?

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටිය දී අතුරුදන් වූ බව සඳහන් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු මළ සිරුර බදුල්ල - මහියංගන මාර්ගයේ මාපාකඩ 17 කණුව කිට්ටුව දී සොයාගෙන ඇත. ඔහු ආගිය අතක් නැතැ යි පොලිසියට ඊයේ (23) පැමිණිල්ලක් ලැබී තිබුණු බව ආරංචි මාර්ග කියයි.

ඔහුගේ මෝටර් රථය ද ඊට යාබද වනාන්තර ප්‍රදේශයේ තිබීය දී පොලිසිය විසින්  සොයා ගෙන ඇත.
ප්‍රභාත් දයාරත්න නම් මේ විශේෂඥ වෛද්‍යවරයා  මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ.
ඒ මහතා ගමන් ගත් මෝටර් රථය බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.
සැකකටයුතු වාහනයක් 17 කණුව අසල ඇති බවට පොලිසියට ලද තොරතුරක් අනුව පිරික්සීමේ දී එහි හිමිකාර වෛද්‍යවරයා සෙවීමේ නිරත වූ  මහියංගන පොලිසියේ නිලධාරීන් හා වනජීවී නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව කළ සෝදිසි මෙහෙයුමේ දී වෛද්‍යවරයාගේ මළ සිරුර ඊට මීටර් 800 ක් පමණ දුරක තිබිය දී සොයා ගැනීමට හැකි වී ඇත.
මහියංගන පොලිසිය  වැඩිදුර විමර්ශන පවත්වයි.