උණුසුම් පුවත්කාලීනතාක්ෂණයසාහිත්‍යය හා කලාව

“සරසවි දිරියෝ අභිමන්” යාපනයේදී

මා ඉදිරියේ සිටින ඔබ අපිට සුවිශේෂි සිසු දරු දැරියන් පිරිසක්

ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු සිසුවියන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන "සරසවි දිරියෝ අභිමන්" සුවිශේෂී ශිෂ්‍යාධාර වැඩසටහනේ දෙවන වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ දැනට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කරන අතර, එක් සිසුවෙකුට රුපියල් ලක්ෂයක එක්වරක් පිරිනමන ශිෂ්‍යාධාරයක් ලබා දීමට ජනාධිපති අරමුදල කටයුතු කරනු ලැබේ.