උණුසුම් පුවත්කාලීනපරිසරය

බෙංගාල බොක්ක පැත්තෙ සැරිසරන්නෙපා

කාලගුණෙන් බහුදින යාත්‍රාවල ධීවරයින්ට අනතුරු අඟවයි

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් දූපත ආශ්‍රිත මහ මුහුදේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ක කාලයේ දී පීඩන අවපාතයක් සේ වර්ධනය වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම පද්ධතිය කරා ඇදෙන්නා වූ සුළංප්‍රවාහය නිසා නිරිතදිග ආශ්‍රිතව පවතින තත්වය හේතුවෙන් වැසි ඇති වන බව කාලගුණ වාර්තාවෙහි දැක් වේ.

මේ හේතුවෙන් බස්නාහිර,මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට මිලිමීටඑර් 100 ක පමණ තද වැසි හටගන්නට ඉඩ ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා ප්‍රධාන ගංගාවන් හි හා අතු ගංගාවන් හි ජල මට්ටම කෙරෙහි අවධානයෙන් සිටින්නැ යි ඒ ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. පවතින වැසි තත්වය වර්ධනය වුවහොත් පහත් බිම් හි පදිංචි පවුල්වලට දන්වන්නේ නිවෙස්වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන කරා යෑමට සූදානමින් පසුවන ලෙසයි.