උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව බොදු සුවඳින් ගී පද ගෙතූ රඹුකන පහන නිවී යෙති 2026-08-180 උන්වහන්සේ රඹුකන සිද්ධාර්ථ නම් වූහ සම්මානලාභී ගී පද රචකයාණන් වරයකු සේ කීර්තියක් දිනා හුන් පූජ්‍යපාද. රඹුකන සිද්ධාර්ථ බුදු පුතණුවෝ අපවත් වී වදාළ බව හෙළදිව සාතිශය සංවේගයෙන් යුක්තව සැළකරන්නෙමු. අපවත්වන විට සිද්ධාර්ථ හිමිපාණෝ 76 වන වියේ පසුවූහ. රෝගාතුරවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී සිද්ධාර්ථ හිමියන් අපවත් වන ලදි. ශාසනාභිරතියෙන් සුබේශල ශික්ෂාතාමිත්වයෙකින් හුන් සිද්ධාර්ථ හිමියන් ශ්‍රී ලාංකේය සංගීතයට සහ ගීත සාහිත්‍යයට සුවිශේෂී මෙහෙවරක් සිදු කළ බව අවිවාදිත ය. උන්වහන්සේ සංගීත ලෝලීන් අතර පුළුල් ඇගයීමට ලක් වූ ජනප්‍රිය ගීත රාශියක් රචනා කරන ලද යතිවරයාණන් වහන්සේ නමකි. මේ යතිවරයාණන් වහන්සේ ගේ නිර්මාණ සමුච්චයට බෞද්ධාලම්බන ප්‍රීතිය නංවන ගීත මෙන්ම නේකාකාර තේමා වලින් සුසැදි බොදු මඟ අනුව යෙමින් පබඳින ගී පද රචනා බෝ ය. ළා දලු බෝපත්, මේ ඉර හඳ යට, සඳ තරු මල්, බුදු හාමුදුරුවෝ අපි දකින්නැති, සෙනෙහස පුදා, බුදු බණ ඇසුවා, මේ ප්‍රේම කතා, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, වෙහෙරක් වගේ, පන්සල් පල්ලියේ සහ සියඹලා ආදී ගී පද වැල් උන්වහන්සේ ගේ ගේ ප්‍රකට නිර්මාණවලින් කිහිපයකි. සඳකඩ පහන චිත්‍රපටිය වෙනුවෙන් රචනා කළ පෙර සංසාරේ ගීතය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් උන්වහන්සේ පිදුම් ලැබූහ.. ආලෝකෝ උදපාදි චිත්‍රපටියට රඹුකන හිමිපාණන් ගේ පන්හිඳෙන් ලියැවුණු 'සදා පහුරක් සේ එකමුතු වු දා' ගීතය වෙනුවෙන් දෙරණ සිනමා සම්මානයෙන් ද පුදනු ලැබිණි.. සංගීත ක්ෂේත්‍රයට උන්වහන්සේගේ දායකත්වය ඇරඹුණේ 1987 දී සංසාරේ අපි කැසට් පටය නිර්මාණය කිරීමෙනි. . ගම්මානේ අපි, සමනල කන්ද, සංසාරේ ගී යාතිකා, බුදු අමා වැස්ස සහ සංසාර චාරිකා, වැනි කැසට් පට සහ සංයුක්ත තැටි ලෙස රඹුකන හිමිපාණන් ගේ පසුකාලීනව නිකුත් විය. මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය ආසනයේ ඈත එපිට අති දුෂ්කර වූත්, එමෙන් ම අතිසුන්දර වූත් රඹුකන ගම්හි දී, බී. එල්. සයිමන් හා සොබනා හාමි යන මාපියන්ට දාව 1950 මැයි 22 දා උපත ලද පූජ්‍ය නාහිමියෝය. රඹුකන සිද්ධාර්ථ හිමි මූලික අධ්‍යාපනය ලැබුවේ මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙනි. සිද්ධාර්ථ හිමිපාණෝ ගාල්ල, උණවටුනේ යටගල රාජ මහා විහාරයේ පිහිටි හෙට්ටාචල පිරිවෙනෙන් ද පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය හැදෑරූහ.. පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ අපවත්වීම, ශ්‍රී ලාංකේය බෞද්ධ හා ජනප්‍රිය ගීත සාහිත්‍යයට සදාකාලික දායකත්වයක් ලබා දුන් ගෞරවනීය චරිතයක අභාවය සනිටුහන් කරයි. මේ බව කතරින් සමුගන්නා බුදු පුතණුවෙනි! ඔබ වහන්සේ ගේ සසර ගමන කෙටි වේවා යි හෙළදිව පැතුම යි!! නිවන් සුව දුර නොවෙත්වා!!! Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මෛත්‍රීත් උසාවි අද (18) උසාවි ගිහින්