ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

මෛත්‍රීත් උසාවි අද (18) උසාවි ගිහින්

කරුණු 16 කින් යුත් පෙත්සමක් - වගඋත්තරකරු නීතිපතිවරයා යි.

එම සංවිධානයේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි.(SC/SD/33/2026)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස නිදහස් නීතිඥ සංවිධානය අධිකරණයෙන් ඉල්ලා සිටී.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වෙනුවෙන් කරුණු 16 කින් යුත් මෙම පෙත්සම අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ Niclo Associates නීතිඥ සමාගම විසිනි.

කීර්ති තෙන්නකෝන්
ප්‍රධාන විධායක නිලධාරී
Free Lawyers සංවිධානය