උණුසුම් පුවත්කාලීනදේශපාලන 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව සජබ අද (18) උසාවි ගිහින් 2026-08-180 ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය කළ යුතුයි වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අධිකරණය හමුවේ අභියෝග කිරීමට අද සමගි ජන බලවේගය කටයුතු කරන ලදි. ඒ අනුව SC/SD/31/2026 අංක යටතේ මෙම නඩුව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කරනු ලැබීය. 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අවධානය යොමුව ඇති අතර, එහි ව්යවස්ථානුකූලභාවය සහ පවතින ගැටලු පිළිබඳ ව අධිකරණයේ මතය ලබා ගැනීම සඳහා මෙසේ ශ්රේෂ්ඨාධිකරණය හමුවට යන ලදි. සමගි ජන බලවේගය පෙන්වා දෙන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවට සිදුකරන ඕනෑ ම සංශෝධනයක් රටේ ප්රජාතන්ත්රවාදී ව්යුහය, බලතල බෙදීම සහ ජනතා අයිතිවාසිකම් කෙරෙහි ඇති කළ හැකි බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බැලිය යුතු බව යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඇමති හර්ෂණගෙන් සජිත්ට Next Article මෛත්රීත් උසාවි අද (18) උසාවි ගිහින්