දැඩි හිසරදය, වමනය, උණ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.
මෙනින් ජයිටිස් හෙවත් මෙළේ උණ රෝගය ශ්‍රී ලංකාවේ මධ්‍යම, ඌව හා දකුණේ පැතිර පවතින බවත් මේ වන විට රොගීන් 150 ක් පමණ හඳුනා ගෙනැති බවත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
දැනට හමුවී ඇති රෝගීන් බොහෝ දෙනා පාසල් දරු දැරියන් ය.
රොගීන් 60 කු මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයකින් ද, සොයා ගෙන ඇත. ඔවුන්ගෙන් 35 දෙනකු බදුල්ල වැලිමඩ, දියතලාව හා ඌව පරණගම රෝහල්වල ප්‍රතිකාර ලබනා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
