උණුසුම් පුවත්

යාපනයේ අධිආරක්ෂක කලාපයේ කෝවිල්වල පූජා පැවැත්වීමට අවසර

බැතිමතුන් 291 කු පූජා පැවැත්වීමට එක්වන බව හමුදාවට දන්වා තිබුණත් සහභාගි වී වූයේ 50 කු පමණි

 

 

 

 

 

 

 

 

 

 

ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේ පිහිටි කෝවිල් 07 ක සතිපතා පූජා පවත්වා වන්දනා කිරීමට අවසර ලබාදී ඇත.

කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍, වාසවිලාන් නාග කෝවිල‍,  පලාලි රාජ රාජේශ්වරී කෝවිල‍, පලාලි නාග තම්පිලාන් කෝවිල‍ හා පලාලි ශක්තිවේලි මුරුගන් කෝවිලයන කෝවිල්වල සතිපතා පූජා පාවැත්වීමට   සිවිල් ජනතාවට අවසර හිමිවිය.

මීට පෙර එම කෝවිල්වල මාසික පූජාවන් සහ විශේෂ පූජාවන් සඳහා අවසර ලබාදී තිබුණත් කෝවිල් භාරකාර මණ්ඩල සහ සිවිල් සංවිධාන විසින් සතිපතා පූජා උදෙසා  අවසර ලබාදෙන ලෙස කරනු ලැබූ ඉල්ලීම් සිය අවදානය යොමු කළ ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරාල් වන්දන වික්‍රමසිංහ    මහතා ගේ පූර්ණ මැදිහත්වීම මත මෙම අවසරය සිවිල් ජනතාව වෙත ලබාදීමට  ශ්‍රී ලංකා යුද හමුදාවට  දන්වා තිබේ.

පසුගිය සිකුරාදා (23)  ආරම්භ වුණු සතිපතා පූජාව සඳහා සිවිල්වැසියන් 291 දෙනෙකු සහභාගීවන බවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත දැනුම්දී තිබුණ ද ඒ සඳහා සහභාගී වූයේ පුද්ගලයින් 50 දෙනෙකු පමණි. එසේම ඔවුන් වන්දනාමාන කිරීම සඳහා ගොස් තිබුණේ කඩ්ඩුවාන් මුත්තුමාරි අම්මාන් කෝවිල‍, වාසවිලාන් මනම්පිරායි කෝවිල‍, වාසවිලාන් ශිවම් කෝවිල‍ සහ වාසවිලාන් නාග කෝවිල‍ යන කෝවිල් හතරට පමණක් ය.

මෙලෙස පූජාවන් සඳහා එක්වූ බැතිමතුන්ට අවශ්‍ය සෞඛ්‍යය‍,  ප්‍රවාහන‍,  සනීපාරක්ෂක ඇතුළු සියලු පහසුකම් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සපයා තිබුණි

මෙම අවස්ථාවට තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයාද එක්ව සිටියේ ය