ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම ජය අත්කර ගත් රුමේෂ්ට හෙළදිව සුබ පැතුම්!
ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ හෙල්ල විසිකිරීමේ (පිරිමි) ඉසව්වේ දී ප්‍රථමයා බවට පත්වෙමින් සිය කුසලතා යළි ලෝකයා හමුවේ පෙන්වමීන් සමත් කම් විදහා දක්වා ඇත.
මෙම තරගයේ දී මීටර් 88.14 ක හෙල්ල විසි කරමින් ඔහු ජයග්‍රහණය හිමිකර ගත්තේ ය. ඒ අපේ වේලාවෙන් අද පාන්දර ය.
මෙම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්ව සිටීම කැපී පෙනෙන සිද්ධියකි.
මෙහිදී ඔහුට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා, මීටර් 88.05 ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත්වූ අතර තෙවන ස්ථානය හිමිවූයේ මීටර් 86.69 ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට ය.

