උණුසුම් පුවත්කාලීනදේශපාලන

22 පිළිබඳ අධිකරණ මතය කතානායක 22 දා පාර්ලිමේන්තුවට කියනවා

24 වනදා විපක්ෂයෙන් විරෝධතා

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත හා අධිකරණ සංවිධාන (සංශෝධන)  පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ලබන 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ විවාදය සැප්තැම්බර් 24 හා 25 යන දිනවල පැවැත්වෙන අතර එම දින දෙකේදී වෙනත් ගමන් බිමන් වලින් වැළකී කොළඹ රැඳී සිටින ලෙසත් විදෙස් සංචාරවල යෙදීමෙන් වළකින ලෙසත් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය සිය මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව ද හෙළදිවට සැළවේ..
මේ අතර මෙම පනත් දෙක පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වන 24 වනදා දිවයිනේ සෑම ප්‍රදේශයක ම සිය පාක්ෂිකයින් හා අධාර කරුවන් කොළඹට ගෙන්වා ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සමගි ජන බලවේගය කටයුතු යොදා ඇතැ යි එහි නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.