උණුසුම් පුවත්කාලීනතාක්ෂණයදේශපාලන

සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කතානායකවරයාට යෝජනාවක්

ඒ ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඊයේ අත්සන් තබන ලදි.

මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අත්සන් තබන ලදී. ඒ අනුව එම යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම කටයුතු කරන ලදී.