උණුසුම් පුවත්කාලීනක්‍රීඩා

‘05th Asian Para Games – 2026’ තරඟාවලියේදී නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ ලෝකඩ පදක්කමක් දිනයි

ජපානයේ Achi Nagoya හිදී, 2026 ඔක්තෝබර් මස 18 සිට 24 දක්වා පැවති ‘05th Asian Para Games - 2026’ තරඟාවලියේදී, මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ T47 කාණ්ඩය යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පැරා ක්‍රීඩක නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් එම තරඟයේ ලෝකඩ පදක්කම ශ්‍රී  ලංකාවට දිනා දීමට සමත් විය.
ඒ අනුව, මීටර් 400 - T47 තරඟ ඉසව්ව තත්පර 50.03ක කාලයකින් අවසන් කර, තෙවන ස්ථානය ලබා ගනිමින් එහි ලෝකඩ පදක්කම (01) දිනා දිනාගැනීම මඟින් නායක නැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ ශ්‍රී  ලංකා නාවික හමුදාවට විශාල කීර්තියක් ගෙන දීමටත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සමත් විය