පෙර පාසල් විෂය කියන එක තාමත් ලංකාවේ පවතින්නේ අවිධිමත් විදියකට - සාවිත්‍රී පෝල්රාජ්
අපි නව රජය විදිහකට මුල් ළමා විය සංවර්ධනයට ප්‍රධානතම අවධානය යොමු කරන අමාත්‍යංශයක් විදියට එය ප්‍රධාන කරුණක් ලෙස සලකනවා.
ඒහි ප්‍රධානම දෙයක් තමයි මුල් ළමා විය අධ්‍යාපනය. අපි විශ්වාස කරනවා ඒය අප රටේ තිබෙන අනිත් අධ්‍යාපනික කටයුතු සමඟ සමාන්තරව යා යුතුයි කියලා ..මෙය අධ්‍යාපනඅමාත්‍යංශයත් සමග සම්බන්ධ විය යුතුයි.
මෙම පෙර පාසල් විෂය කියන එක තාමත් ලංකාවේ පවතින්නේ අවිධිමත් විදියකට. එය තවම රාජ්‍ය සේවාවක් විදියට පත්වෙලා නැහැ ..බදවා ගැනීමේ පටිපාටියක් ඔවුන් නිරීක්ෂණයට අමාත්‍යංශයක්් නැහැ . එය සංවෘත වූ විෂයක් විදියටයි පවතින්නේ ...පෙර පාසල් ගුරුවරුන්ට පත්වීම් ලබා දෙන්නට කිසිදු කෙනෙක් නැහැ .
මේවා බොහොමයක් පෞද්ගලික ආයතනය විදියටයි යන්නේ . එහෙම වුණහම මේ වල සංවර්ධනයට
.රාජ්‍ය මුදල් වියදම් කිරීමේදී මෙය . විශාලත් ගැටලුවක් වනවා අපිට ...පෙර පාසල් ගුරුවරුන්ගේ වෘත්තිය නිපුණත්වය ඇගයීමට අඛණ්ඩ ක්‍රියාවලියක් නැහැ .
ගිය වසරේදී අපි පෙර පාසල් සඳහා විෂය මාලා රාමුවක් හඳුන්වා දීම සිදු කළා ..ඒ වගේම ඔවුන් පුහුණු කිරීමේ කටයුතු අපි සිදු කළා
පෙර පාසල් පවත්වාගෙන යාමේදී භෞතික වටපිටාව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ලබාදිය හැකි මට්ටමේ තිබිය යුතුයි ..අනිත් කාරණය ගුරුවරයා නව අධ්‍යාපනය පිළිබඳවයි යාවත්කාලීනව විය යුතුයි ..අවුරුදු පහක් යනකොට ලෝකයේ ඕනෑම දැන්ම පද්ධතියක් කල් ඉකුත් වෙනවා...මේ නිසා අලුත් දෙය හැදෑරීමට හැකියාව තිබිය යුතුයි.
වර්තමාන පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය දැන් තරගකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙනවා .. ක්‍රියාකාරකම් වැඩි ඉගැන්වීම් වැඩි ..
මේ නිසාම මානව දයාව ඇති දරුවන් බිහිවීම විරල වෙලා
2027 වෙනකොට පළාත් නමයටම එකම ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා ..ඒ මගින් සියලු පෙර පාසල් නියාමනය කරනවා.
පෙර පාසල්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සහ ගුරුවරුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම රජය නියාමනය වන පූර්ව ළමා .සංවර්ධන මට පිළිවෙලක් අපි හදනවා.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාතේ අමාත්‍යංශ ලේකම්වරුන්, නිලධාරින්, ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජිතයින්, මොස්වර්ල්ඩ් මාටිනස් පදනමේ නියෝජිතයින් සහභාගි විය.

