උණුසුම් පුවත්දේශපාලන

පැනීම ඇරඹේ

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ උදවිය හයි ජම්ප්, ලෝන් ජමප්, ට්‍රිපල් ජම්ප් හෙවත් තුන් පිමි පැනීම අරඹා ඇද්දෝ යන සැකයක් ජනතාව තුළ හට ගෙන ඇත. ඒ පුත්තලම දිස්ත්‍රික්කයේ තිසේරා ගේ පැනීමත් එක්ක ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා මේ වන විට පිල් මාරු කොට හමාර ය.
දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා සේ දිගු කලක් දකුණු පළාතේ මහ ඇමති පිටුව හෙබවූ ෂාන් විජේලාල් ද සිල්වා මහතා සජිත් ප්‍රේමදාස මහතා ගේ සමගි ජන බලවේගයට ඉකුත් සතියේ කරණමක් ගැසූ අතර පුත්තලම හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ර්‍තී ඇන්ටන් දයාශ්‍රිත තිසේරා මහතා අද සමගි ජන බලවේගය හා එක් වූයේ ය.
තිසේරා මහතා පුත්තලම හිටපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරයෙක් සේ හේ කටයුතු කළේ ය. තිසේරා මහතා රාජ්‍ය සම්පත් කළමනාකරණ හා ව්‍යාපාර සංවර්ධන කැබිනට් ඇමතිවරයා ලෙසත් වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙසත් නිපුණතා සංවර්ධන ඇමතිවරයා ලෙසත් කටයුතු කරන ලද්දෙකි. ඔහු ඔහු ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් ඉකුත් මහ මැතිවරණයට තරග කළ පුත්තලමේ නායකයෙකි.
හේ නාත්තණ්ඩිය හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ප්‍රෝටස් තිසේරා මහතා ගේ පුත්‍රයෙකි.