මහ සෙනඟක් කළුතර රෝහලට රොක්වෙලා
එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මෙන් ම හිටපු වනජීවි රාජ්ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) හවස හදිසියේ අභාවප්රාප්ත විය.
මිය යන විට ඔහු 64 වැනි වියේ පසු වූයේ ය. විදුලිසර වැදීමෙන් හේ මියයන ලද බව කළුතර රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඔහු ගේ හදිසි අභාවය පිළිබඳ තොරතුර දැන ගත් වහා අති විශාල පිරිසක් රෝහල වෙත රොක්වූ අයුරු කියා පාන්නේ තෙවරප්පෙරුම මහතා ජනතාව වෙනුවෙන් හැම විටකම ඉදිරිපත් වූ පුද්ලගයකු බවයි. ඔහුගේ සමාජ මෙහෙවර අගය කරනා කළුතර ජනතාව මහත් සේ කම්පාවට පත්ව සිටිති.
මියගිය පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි ප්රතිකාර අංශයේ තැන්පත්ව තිබිණි.
මතුගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක පරාක්රම උඩවත්ත මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ක්රියාත්මක ඇත.