උණුසුම් පුවත්

මත්තල දෙන්නයි යන්නේ

කාලය හවුරුදු තිහකට යි

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු හා ඉන්දියානු සමාගම් දෙකකට පැවරීමට සඳහා කැබිනට් අනුමැතිය ලැැැ තිබේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවය් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා ඉකුත් වසරේ ජනවාරි 9 දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබ

මේ සඳහා ආයතන පහක් විසින් ඔවුන් ගේ කැමැති බව ප්‍රකාශ කො‌ට තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකාරීත්වය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd හා රුසියාවේ Airports of regions management company ට හෝ ඊට බද්ධ ව්‍යවසායකයක් වෙත වසර තිහක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ